රාජ්‍ය ත්‍රස්තවාදයට තුන් මාසයයි… මරණ තුන්සීයයි,බෝම්බ කරුවෝ හතරයි…


රාජ්‍ය ත්‍රස්තවාදයට තුන් මාසයයි…
මරණ තුන්සීයයි,බෝම්බ කරුවෝ හතරයි,පිපුරුම් තුනයි.. වැරදිකරුවෝ බිංදුවයි.. එනයින් පෙනෙන්නේ මේ ආණ්ඩුව ගෙනා ලක්ශ හැට දෙක මීට වැරදිකරුවන් ලෙස ගිලටීනය අඹිමුවට ගෙන යා යුතු බවයි.. ඔබද මමද එහි වින්දිතයන් සේම විත්ති කරුවන්ද වන්නෙමූ… අවසන අපම වැරදිකරුවන් වුයෙමු.මග එසේ වද්දී දේශපාලකයෝ තම බඩගෝස්තරය උදෙසා බෞද්ධයෝ,කිතුනුවෝ,මුසල්මානුවන් ඉදිරියේ කිඹුල්කදුලු සලමින් ‘සහරාන්’ වරු රකිති ඒ මදිවාට ජනපති වන්නට සිහින දැක ඉන් නොනැවති ආර්‍යාවන් වන්නටද තතනතී.චිවරදාරින් සිවුරු උස්සාගෙන පිස්සන් පසුපස දුවති.. ඔබද මමද යනමඟතොටේ හමුවන්නට හදිසියේ දිවිමට ඉඩනොදුන් පවට ‘ඩිෆෙන්ඩර්’ මැරයන්ගෙන් ගුටි කති.. අපව රැක ගන්න රාවනා හෝ දියසෙන් පුත්‍රයා එන දිනක් නොපෙනේ.. කල යුත්ත ඔබද දනී මාද දනී.. මින් මතුවත් මේ දේශපාලුවන්ගෙන් පාලනය නොවන්නට ඉටාගමු. #srilanka #politics #eastersundaybombings



Source